රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

ඔවුන් බලාපොරොත්තු වූ රැකියා, ආහාර පාන හෝ නවාතැන් පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයන් අතරමං ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කරුණු අනාවරණ වී ඇත්තේ අදාළ කණ්ඩායමේ සිට ලිතුවේනියාවෙන් පිටුවහල් කරන ලද දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණ කළ කරුණු දැක්වීමෙන් පසුවයි.

එම දෙදෙනා ඇතුලු ශ්‍රී ලාංකිකයන් 108 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රුපියල් ලක්ෂ 12ක් ගෙවා කොළඹ රැකියා නියෝජිත ආයතනයක් මගින් ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස පිටත්ව ගොස් තිබුණා.

ලිතුවේනියාවට ගිය පසු එරට සමාගමක් විසින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට පමණක් බර වාහන රියදුරු තනතුරු ලබා දී අනෙක් පිරිස ඌරු කොටුවල රැකියා සඳහා යොමු කර ඇතැයිද සඳහන්.

පසුව අදාළ රියදුරන් ඊට අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ලිතුවේනියානු රජය විසින් වසර දෙකක් සඳහා ලබා දී තිබූ නේවාසික වීසා බලපත්‍රය අහෝසි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කර තිබෙනවා.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »