භූ කම්පන 1000 ඉක්මවා යමින් තායිවානයේ යළිත් ප්‍රබල භූ චලනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයක් යුත් මෙම භූකම්පනය අද අලුයම 5ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් ප්‍රකාශ කළා.

පසුගියදා තායිවානයේ ඇති වූ රිච්ටර් මාපක 7.2 ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර අනතුරුව පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් ද වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිවානය භූමිකම්පාවලට ගොදුරු වන භූ තැටි දෙකක් ;අසල පිහිටීම හේතුවෙන් නිරන්තරයෙන් භූ කම්පනවලට ලක් වනවා.

2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 1999 දී රික්ටර් පරිමාණයේ 7.3 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගියා.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »