ජපානයට එන ජාත්‍යන්තර සිසුන්ට නීති දැඩි වෙයි

ජපානය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා දැඩි නීති හඳුන්වා දීමට ආගමන සේවා ඒජන්සිය තීරණය කර තිබෙනවා.

අප්‍රේල් 26 වනදා සිට ජාත්‍යන්තර සිසුන්ට මෙම දැඩි රෙගුලාසි ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

2016 අධ්‍යයන වර්ෂයේ සිට වසර තුනක් තුළ ටෝකියෝ සමාජ සුබසාධන විශ්ව විද්‍යාලයේ සිටි ජාත්‍යන්තර සිසුන් 1,610ක් සමඟ සම්බන්ධතා නොමැති බවට බලධාරීන් 2019 වසරේදී සොයා ගැනීමෙන් පසුව මෙවැනි පියවරක් ගෙන තිබෙනවා.

මේ අනුව නුසුදුසු බඳවා ගැනීම් සහ නීති විරෝධී රැකියා වැළැක්වීමේ අරමුණින් සංශෝධිත නව රෙගුලාසි අනුගමනය කර විශ්ව විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවලට විදේශීය සිසුන් බඳවා ගැනීමට නියමිතයි.

අනාගත ගැටළු වළක්වා ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අධිකරණ අමාත්‍යාංශය සිය ආගමන ආඥාපනත මෙලෙස යාවත්කාලීන කර තිබෙනවා.

මෙම සංශෝධනය මගින් පාසල් ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අතර රැකියා හේතූන් මත ජපානයට පැමිණෙන සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙස අධ්‍යාපන ආයතනවලින් ඉල්ලා ඇතැයි සඳහන්.

බඳවා ගැනීම් සම්බන්ධයෙන් නීති දැඩි කළද මාර්තු මාසයේදී ජපානය ජාත්‍යන්තර සිසුන් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමේ අරමුණින් නව වීසා රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »