සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක පිහි ඇනුම් ජිවිත දෙකක් අහිමි කරයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක සිදු වූ පිහි අනුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම අපරාධ සිදුවී ඇති බවයි ප්‍රාන්ත පොලිසිය නිවේදනය කළේ.

ඊයේ රාත්‍රී 8.25 ට පමණ සිඩ්නි ක්වෙකර්ස් හිල් ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙකු පපුවේ කැපුම් තුවාල සහිතව වැටී සිටියදී හමුවී තිබුණා.

ගිලන් රථ වෛද්‍යවරුන් ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණ වී නොමැති අතර පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ අනන්‍යතාව ද පොලිසිය මෙතෙක් හෙළි කර නැහැ

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නැරෝමයින් ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

16 හැවිරිදි පිරිමි ළමයෙකු ගෙල ප්‍රදේශයේ පිහි ඇනුම් තුවාල සහිතව ඊයේ රාත්‍රී 9ට පමණ රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව අසල නිවසක සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට අදාළව මේ වන විට බාල වයස්කරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 14, 16 සහ 17 වයස්වල පසුවන ඔවුන්ට ප්‍රසිද්ධියේ පිහියක් රැගෙන යාම, ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

බදාදා අත්අඩංගුවට ගත් තවත් පිරිමි ළමුන් දෙදෙනෙකුට මෙතෙක් චෝදනා එල්ල වී නොමැති බව පොලිසිය සඳහන් කළා.

තවත් බාලවයස්කරුවන් තිදෙනෙකු සහ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින අතර මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති නැහැ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »