මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසුන්ට ද යුනිවර්සිටි ඔෆ් මෙල්බන් යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකියි.

වැඩසටහන යටතේ අධ්‍යයන අවස්ථා දැන ගැනීමට, පාඨමාලා උපදේශකයින්, වත්මන් සිසුන් සහ ආදි සිසුන් සමඟ සම්බන්ධව තොරතුරු දැනගැනීමට ද හැකියාව පවතිනවා.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින විදේශ සිසුන් සඳහා මෙය වඩාත් හොඳ අවස්ථාවක් වන අතර තම අධ්‍යාපනය මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ වෘත්තීය අනාගතය ගොඩනගා ගැනීම සඳහා ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.

මෙම වැඩසටහන මැයි 09 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට මැයි මස 8 වනදාට පෙර ලියාපදිංචි විය යුතු වනවා.

විශේෂයෙන් පශ්චාත් උපාධියක් හැදැරීමට අපේක්ෂා කරන සංක්‍රමණික සිසුන් සඳහා මෙය වඩාත් සුවිශේෂි අවස්ථාවක් වන අතර අධ්‍යන විෂය සහ පාඨමාලා ගැන ද එහිදි දැනුවත් විය හැකියි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »