මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙල්බන් කවුන්සිලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ප්‍රදේශය පුරා හරිතකරණය වැඩි කිරීමට මෙහි අරමුණ බව සඳහන්.

පසුගිය මාසයේ ග්ලෙන් අයිරා සිටි කවුන්සිලය මගින් වියන් ගස් ආරක්ෂණ නීතිය පිළිබඳව සමීක්ෂණයක් ද සිදුකර තිබුණා.

එහිදි වියන් ගස් ආරක්ෂා කිරීම, සංරක්ෂණය සහ වැඩි දියුණු කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත්ව ඇති අතර එහි දිගුවක් ලෙසයි මෙල්බන් කවුන්සිලය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

තවද 2040 වසර වන විට මෙල්බන්හි හරිතකරණය සියයට 12.5 සිට සියයට 22 දක්වා වර්ධනය කිරීම අරමුණ බව ද සඳහන්.

මෙය යෝජනාවක් පමණක් වන අතර මේ සම්බන්ධයෙන් වෘවිත අදහස් දැක්වීමට ජනතාවට ද අවකාශය ලබා දී තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »