ඇඩිලේඩ්හි නිවාස මිල වාර්තාගත අගයක් දක්වා ඉහළට

ඇඩිලේඩ්හි දේපළ වෙලඳපොල නව වාර්තාවකට ළඟා වෙමින් මධ්‍යස්ථ නිවාස මිල ප්‍රථම වතාවට ඩොලර් ලක්ෂ නවය (900,000) ඉක්මවා ගොස් තිබෙනවා.

නිවාස ගැනුම්කරුවන්ට වඩාත් දැරිය හැකි නගරයේ උතුරු ප්‍රදේශවල ඩොලර් 400,000ක පමණ මධ්‍යස්ථ මිලක් සහිත නිවාසවල ද මිල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස දේපළ මිල ඉහළ යාම නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන අයට දැඩි අභියෝගයක් වී තිබෙනවා.

මෙම තත්වය බොහෝ දුරට ඉඩම් හිමියන්ගේ අවශ්‍යතා අනුව මිල වෙනස්වීමක් වන අතර කුලී නිවැසියන් මෙම මිල වැඩිවීම් හමුවේ ඉහළ පීඩනයකට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

සමස්තයක් ලෙසට මිල ඉහළ යාමක් තිබියදී වුවද ඇතැම් තදාසන්න ප්‍රදේශ කිහිපයක නිවාස මිල අනපේක්ෂිත ලෙස දැරිය හැකි මිලකට පත්ව තිබෙනවා.

වුඩ්විල් වෙස්ට්හි නිවාස මිල වඩාත්ම සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කෙරෙන අතර එහි සියයට 9 ක පමණ පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයි සඳහන්.

දකුණු ඔස්ට්‍රේලියානු රජය පවසා ඇත්තේ ඉහළ යන කුලී සහ දේපල මිල සඳහා විසඳුම සැපයුම වැඩි කිරීම වන බවයි.

මිල මධ්‍යස්ථ වන තෙක් මහල් නිවාස සහ තනි නිවාස ඉදිකිරීමට සිදුවී ඇති බව නිවාස අමාත්‍ය නික් චැම්පියන් ප්‍රකාශ කළා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »