ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

දෙවන ලෝක යුධ සමයේදී සහ අනෙකුත් යුධ ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් අනුස්මරණය කෙරෙන ANZAC දිනය රටපුරා අභිමානවත් ආකාරයෙන් අද සැමරෙනවා.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ සංක්‍රමණිකයින් ද තම රටවල් නියෝජනය කරමින් ජාතික ධජයන් අතැතිව මේ සදහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන හිටපු රණවිරුවන් රැසක්ද ශ්‍රී ලංකා ධජය සහිතව පෙළපාලි සදහා එක්වීම විශේෂත්වයක්.

එම නිලධාරීන් තම පදක්කම් සහ හිස්වැසුම් පැලද පෙළපාලි සඳහා එක්ව තිබූ ආකාරය දැක ගැනීමට හැකිවුණා.

ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන අනෙකුත් සංක්‍රමණික ජනතාව ද ANZAC දින සැමරුම් සඳහා එක්ව තිබීම විශේෂත්වයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »