ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

මෙය 2018 වසරෙන් පසු ග්‍රීසියට බලපෑ නරකම සිදුවීම්වලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

ස්විට්සර්ලන්තයේ සහ දකුණු ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල ද පසුගිය මාර්තු අග සහ අප්‍රේල් මුල් සතියේ මේ හා සමාන වලාකුළු තත්වයක් හටගෙන තිබුණා.

රටේ බොහෝ ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති අතර බදාදා උදෑසන ඇතැන්ස්හි පැවති දූවිලි තත්වය හේතුවෙන් තවදුරටත් එම තත්වය වර්ධනය වූ බව සඳහන්.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වන විට ඇතන්ස් හි දර්ශනය අඟහරු ග්‍රහලෝකයට සමාන දර්ශනය තත්වයක් පෙන්නුම් කෙරෙන බවයි.

ශ්වසන ආබාධ සහිත ග්‍රීක ජාතිකයින්ට එළිමහනේ ගත කරන කාලය සීමා කරන ලෙසත්, ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමටත්, දූවිලි වලාකුළු ඉවත් වන තුරු ශාරීරික ව්‍යායාම කිරීමෙන් වළකින ලෙසත් දැනුම්දී තිබෙනවා.

සහරා කාන්තාරය වසරකට දූවිලි ටොන් මිලියන 60 සිට 200 දක්වා නිකුත් කරනු ලබනවා.

ඇතැම් දූවිලි ඉක්මනින් යළි පොළොවට පතිත වන අතර ඇතැම්විට කුඩා අංශු යුරෝපයට ද ගමන් කරන බවයි පැවසෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »