සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සතියේ නිරිතදිග සිඩ්නිහි සිදු වූ පිහි ඇනුමකට අදාළව ඊයේ සිඩ්නි සහ ගෝල්බර්න් හරහා සෝදිසි වරෙන්තු 13ක් ක්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සතියේ සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පූජකවරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය හේතුවෙනුයි නිව් සවුත් වේල්ස්හි ත්‍රස්ත මර්දන වැටලීම් සිදු කරනු ලබන්නේ.

වයස අවුරුදු 17 සහ 14 වයස්වල පසුවන දෙදෙනෙකුට තහනම් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා සූදානම් වීම හෝ සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ පිහි ළඟ තබා ගැනීම යන චෝදනා අනෙක් 17 හැවිදිරි සහ 16 හැවිරිදි තිදෙනාට එල්ලවී ඇතැයි සඳහන්.

මෙහෙයුම් සඳහා නිව් සවුත් වේල්ස්හි පොලිසිය සහ ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400කට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

පොලිසිය පවසා ඇත්තේ දේවස්ථානයක පිහි ඇනුම සිදු කළ බව කියන වැරදිකරුගේ සහචරයින් පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර බාල වයස්කරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »