ඔස්ට්‍රේලියාවේ විදුලි බිල ක්‍රමයෙන් පහතට

පුනර්ජනනීය බලශක්තිය නිපදවීම ඉහළ යෑමත් සමඟ ඔස්ට්‍රේලියාවේ විදුලි බිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.

2024 වසරේ පළමු කාර්තුවට අදාළව ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය නැගෙනහිර වෙරළ තීරයේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 39ක් සම්පූර්ණ කර ඇති බවයි.

ඔස්ට්‍රේලියන් එනර්ජි මාර්කට් ඔපරේටර්හි (Australian Energy Market Operator) බෙදාහැරීමේ විධායක සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ඔස්ට්‍රේලියාවේ සූර්ය සහ සුළං බලශක්තියේ වර්ධනය හේතුවෙන් විදුලි මිල වාර්තාගත අවම මට්ටමකට ගෙන යා හැකි බවයි.

සාම්ප්‍රදායික ගල් අඟුරු බලශක්ති උත්පාදනය අභිබවා පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කිරීම වඩාත් හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම හමුවේ පිඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට මෙය වඩාත් සුබවාදී තත්වයක් බව සඳහන්.

මේ අතර නිව්සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය පසුගිය මාස 12ක කාලසීමාව තුළ සියයට 15 සිට 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත ද වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙත යොමුව ඇති බව සදහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »