යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සියලුම ප්‍රාන්ත අගනුවරවලදී සැමරුම් පෙළපාලි ඇතුලු විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

සති අන්ත නොවන දිනයකදී මෙවර ANZAC දිනය යෙදී ඇති බැවින් සියලුම ප්‍රාන්තවල අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ සිල්ලර වෙළඳ සැල් සහ ව්‍යාපාරික ස්ථාන පස්වරු 01 දක්වා විවෘතව තැබෙනු ඇති.

එහෙත් ඔසුසැල්, ඉන්ධන පිරවුම්හල්, අවන්හල් වැනි ස්ථාන නියමිත වේලාවන් තුළ විවෘතව තැබෙනු ඇති.

කිසියම් ආකාරයකින් ANZAC දිනය සති අන්තයේ දිනයක යෙදී තිබුණේ නම් නොර්තන් ටෙරිටරි, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඊට පසුව එළඹෙන සඳුදා දිනයේදී එම නිවාඩුව ලබාදීම සිදුවනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »