මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

මෙල්බර්න්හි දෙදරු මවක් වන ජේඩ් හොවාර්ඩ් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ ආත්මාරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින ළඟ තබා ගැනීම ගැන යළි සලකා බලන ලෙසයි.

මෙම ඉල්ලීම් වැඩි වී ඇත්තේ බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුම සහ සහ බැලරත්හි කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කිරීම ඇතුළුව පසුගිය මාස තුන තුළ ඔස්ට්‍රේලියාව කැළඹු සිදුවීම් රැසකින් අනතුරුවයි.

කාන්තාවන්ට ගම්මිරිස් ඉසින රැගෙන යාමට නීත්‍යානුකූලව අවසර දෙන ලෙස ඉල්ලා මෙල්බර්න්හි ජේඩ් හොවාර්ඩ් විසින් නිර්මාණය කරන ලද අන්තර්ජාල පෙත්සමකට අත්සන් 8,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

2018 වසරේදී ද කාන්තාවන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට ගම්මිරිස් ඉසින රැගෙන යාම නීතිගත කරන ලෙස ෆෙඩරල් රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.

කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කරන ලද අතර දැනට ආත්මාරක්ෂාව සඳහා ස්ප්‍රේ රැගෙන යාමට නීත්‍යානුකූල එකම ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව පමණයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »