ඇමරිකාවේ ටික්ටොක් තහනම් කෙරෙන පනත් කෙටුම්පත සම්මත වෙයි

ඇමරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා.

මෙම පනත මගින් TikTok හි හිමිකරු වන බයිට් ඩාන්ස් (ByteDance) සමාගමට එහි කොටස් විකිණීමට මාස නවයක කාලයක් ලබා දෙන අතර එසේ නොකළ හොත් TikTok යෙදුම එක්සත් ජනපදයේ අවහිර කෙරෙනු ඇති.

එයට නීති සම්පාදකයින්ගෙන් පුලුල් සහයෝගයක් ලැබුණු අතර සෙනෙට් සභිකයින් 79 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 18 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

සෙනෙට් සභාව අනුමත කළ පනත ජනාධිපති ජෝ බයිඩ්න් වෙත භාර දෙන අතර ඔහු එය ලැබුණු වහාම අත්සන් කරන බවයි පවසා ඇත්තේ.

යුක්රේනය, ඊශ්‍රායලය, තායිවානය සහ ඉන්දු පැසිෆික් කලාපයේ අනෙකුත් එක්සත් ජනපද හවුල්කරුවන් සඳහා මිලිටරි ආධාර ද ඇතුළත් පනත් හතරක කොටසක් ලෙස මෙම ටික්ටොක් තහනම සෙනෙට් සභාවේ සම්මත වී ඇතැයි සඳහන්.

පසුගිය සතියේ ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ මෙම පනත ඇමරිකානුවන් මිලියන 170කගේ නිදහස් කථන අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

එමෙන්ම එමගින් ව්‍යාපාර මිලියන හතක් විනාශ කරන අතර වාර්ෂිකව එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 24ක් හිමිවන වේදිකාවක් වසා දැමෙන බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් පිළිබඳ දත්ත චීනය අතට පත්විය හැකි බවට ඇති බිය හේතුවෙනුයි බීජිං පදනම් කරගත් TikTok සමාගමෙන් කොටස් බෙදීමට කොන්ග්‍රසය උත්සාහ දරමින් සිටින්නේ.

කෙසේවෙතත් TikTok සමාජ අම්ධ්‍ය පවසා ඇත්තේ ByteDance චීනයේ හෝ වෙනත් රටක නියෝජිතයෙකු නොවන අතර චීන සමාගමක් ද නොවන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »