ඔස්ට්‍රේලියාවේ භාවිත වන ප්‍රමුඛ පෙළේ භාෂා 5 නම් කෙරේ

ඉංග්‍රීසි භාෂාව හැරුණු කොට ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කරන අනෙක් ප්‍රමුඛ පෙලේ විදේශ භාෂා 5 නම් කර තිබෙනවා.

ඒ අනුව ඉංශ්‍රීසි භාෂාවට අමතරව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් පොදු භාෂාව ලෙස හඳුනාගෙන ඇත්තේ මැන්ඩරින් භාෂාවයි.

ඔස්ට්‍රේලියාව තුළ මැන්ඩරින් භාෂාව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව 685274ක් ලෙස සඳහන්.

මීලගට ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ජනප්‍රිය ලෙස භාවිත කරන භාෂාව ලෙස අරාබි භාෂාව ලේඅට නම් කර ඇති අතර එම ප්‍රමාණය සටහන්ව ඇත්තේ 367,159ක් ලෙසයි.

සෙසු ජනප්‍රිය භාෂා අතර තෙවන ස්ථානයට වියට්නාම් භාෂාව නම් කර ඇති අතර ඔස්ට්‍රේලියාව තුළ වියට්නාම් භාෂාව භාවිත කරන්නන්ගේ ගණන 320758ක්.

කැන්ටනීස් නොහොත් චීන- ටිබෙට් භාෂාව ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත වන භාෂා අතර 4 වන ස්ථානයට පත්ව ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ 295,281ක් ලෙසයි.

එම ශ්‍රේණිගත කිරීමේ 5නව ජනප්‍රිය භාෂාව ලෙස පංජාබ් භාෂාව නම් කර ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ 239,033ක් ලෙසයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »