විදෙස් රටවල උපත ලැබූ ඔස්ට්‍රේලියානුවන් ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියා ජනගහනය අතුරින් සියයට 30.7ක් විදේශයන්හි උපත ලබන බව නවතම සංඛ්‍යාලේඛණ මගින් හෙළිව තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් උපත ලබන විදේශ රටවල් 10ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබුණා.

මෙම සංඛ්‍යාලේඛන 1996 වසරේ සිට 2023 දක්වා වූ කාලසීමාවට අදාළව නිකුත් කර ඇති අතර ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් උපත ලබන විදේශ රට ලෙස බ්‍රිතාන්‍ය නම් කර තිබෙනවා.

2023 වසරේ අවසන් වරට සිදු කළ සංගණනයන් අනුව ඔස්ට්‍රේලියානුවන් 961,570ක් එංගලන්තයේ උපත ලබා තිබීම විශේෂත්වයක්.

ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඔස්ට්‍රේලියානුවන් 845,800ක් 2023 වසර වන විට ඉන්දියාවේ උපත ලබා ඇති බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය චීනය වන අතර ඔස්ට්‍රේලියානුවන් 655,760ක් මේ වන විට චීනයේ උපත ලබා තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියාවේ සිටින විදේශ සංක්‍රමණිකයින් අතර වැඩිම පිරිස චීන ජාතිකයින් වීම ද විශේෂත්වයක්.

විදේශයන්හි උපත ලබන ඔස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීමේ දී 4වන ස්ථානය නවසීලන්තයත් පස්වන ස්ථානයට පිලිපීනය සහ හය වන ස්ථානයට වියට්නාමයත් පත්ව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයේ ඉතාලිය පසුවන අතර මේ වන විට ඔස්ට්‍රේලියානුවන් 158990ක් ඉතාලියේ උපත ලබා තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »