ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අපරාධකරුවන් ඇල්ලීමට සහ අපරාධ විසඳීමට DNA තාක්ෂණය භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුව ද ජාවාරම් කරන ලද ගිරවුන් වෙළඳාමට එරෙහිව DNA භාවිතා කිරීමටයි කැන්බරාහි විද්‍යාඥයින් සැලසුම් කර ඇත්තේ.

නීති විරෝධීව සිදු කෙරෙන වනජීවී වෙළඳාම යනු වසරකට ඩොලර් බිලියන 30කට අධික ආදායම් උපයන ලොව සිව්වන වඩාත්ම ලාභදායී සංවිධානාත්මක අපරාධ මෙහෙයුම ලෙසට සැලකෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ වාර්තාවලට අනුව එම නීති විරෝධී වනජීවී වෙළඳාම තුළ වැඩිපුරම ජාවාරම් කරන පක්ෂින් වන්නේ ගිරවුන් බව සඳහන්.

ලොව පුරා සිටින ගිරවුන් විශේෂ 400ක් පමණ සංඛ්‍යාවකින් නීති විරෝධී වනජීවී වෙළඳාම තුළ ගිරවුන් 300 කට වඩා හුවමාරු වන බවට හෙළිවී තිබෙනවා.

එබැවින්, ජාවාරමට ලක් වූ ගිරවුන් වෙළඳාම අවම කිරීමේ උත්සාහයක් ලෙස, එක්සත් රාජධානියේ විද්‍යාඥයින් ගිරවුන්ගේ ජාන දත්ත ගබඩාවක් ස්ථාපිත කරමින් සිටින අතර ඔවුන් බලාපොරොත්තු වන්නේ සෑම ගිරවුන් විශේෂයක්ම ජීවත් වන ස්ථානය සහ ඔවුන් දඩයම් කරන ස්ථානය පිළිබඳ සිතියමක් නිර්මාණය කිරීමටයි.

පිහාටුවක් හෝ ලේ බිඳුවක් හරහා සාම්පල එකතු කරනු ලබන අතර පසුව ඒවා අදාළ දත්ත ගබඩාවට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙමගින් නීති විරෝධී ජවාරමේදී අත්අඩංගුවට පත්වන ගිරවුන් ඔවුන්ගේ නිජ භුමි වෙත මුදා හැරීම පහසු කෙරෙනු ඇති.

සෞඛ්‍ය පරීක්‍ෂණයෙන් සහ රෝග පරීක්‍ෂා කිරීමෙන් පසුව ඔවුන් නැවත උපන් භූමි ප්‍රදේශවලට රැගෙන යන අතර මෙහිදී මිනිසුන්ට අවදානමක් ඇති කළ හැකි රෝග සඳහාද පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »