සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

පසුගියදා සිඩ්නිහි සිදු වූ පිහි ඇනුම් සිදුවීම් දෙකත් සමග 2023 වසරේ අත්හිටුවනු ලැබූ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත වෙත නැවතත් අවධානය යොමුව ඇති බව සඳහන්.

සමාජ මාධ්‍යවල මෙම සිදුවීම් සම්බන්ධ අසත්‍ය පින්තූර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වූ අතර ඔස්ට්‍රේලියානු නීතිය අභිබවා සමාජ මාධ්‍ය සමාගම්වලට කටයුතු කළ නොහැකි බව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පෙන්වා දෙනවා.

භාෂණයේ නිදහස පිළිබඳ ගැටළු හේතුවෙන් අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු පතුරවන්නන්ට එරෙහිව ෆෙඩරල් යෝජනාව ප්‍රමාද වී තිබුණා.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පළවන හානිකර අසත්‍ය තොරතුරු, සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට අපොහොසත් වන සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කෙරුණා.

සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු පැතිරීමට එරෙහිව ශක්තිමත් නීතිවල අවශ්‍යතාව දැඩිව පවතින බවට විවිධ පාර්ශවයන්ගෙන් ද අදහස් ඉදිරිපත් වු බව ද සඳහන්.

මේ පිළිබද අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව ශක්තිමත් ක්‍රියාමාර්ගයකට සහාය වන බවයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »