මහ බැංකු වාර්තා වලට අනුව​ ලංකාවේ පුද්ගලයෙකු ලෝකයට ණය වී ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 6 ඉක්මවයි!

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වනවා.

මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වනවා.

මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඒක්දහසක ණයකරුවෙකු වනවා.

ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.8 ක්.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »