ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

එහෙත් ට්විටර් ප්‍රධානී ඉලෝන් මස්ක් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ට්විටර් සටහනක් තබමින් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයාගේ ඉල්ලීම පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියානු වාරණ කොමසාරිස්වරයා ඉල්ලීමක් කර ඇති බව පවසමින්.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ට්විටර් සමාගම පිහි ඇනුම දැක්වෙන සියලු අන්තර්ගතයන් ඉවත් කිරීමට කළ ඉල්ලීමට පිළිතුරු නොදෙන බව එමගින් පෙන්වා දී තිබෙනවා.

සඳුදා රාත්‍රියේ සිදු වූ ප්‍රහාරයෙන් පසුව ඉහළ යන ගැටුම් අවුලුවාලීමේ අවදානමක් ඇති අන්තර්ගතයන් සහිත ට්විටර් සටහන් ඇතුලු සමාජ මාධ්‍ය සටහන් ඉවත් කරන ලෙසටයි දේශපාලඥයින් මෙන්ම ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ද සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

බිෂොප් මාරි මාරි එම්මානුවෙල්ට පිහියෙන් ඇනීමේ අන්තර්ගතය ඉවත් නොකළහොත් දිනකට ඩොලර් 785,000ක දඩයකට මුහුණ දිය හැකි බවට ද ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම පැවසුවේ අදාළ අන්තර්ගතයන් ඉවත් කිරීමට හෝ දිනකට ඩොලර් 785,000 ක දඩයකට මුහුණ දෙන ලෙස eSafety කොමසාරිස්ගෙන් ඉල්ලීමක් ලැබී ඇති ඇති අතර තමන් එම ඉල්ලීමට අනුකූල නොවන බවයි.

ESafety කොමසාරිස්ගේ නියෝගය ඔස්ට්‍රේලියානු නීතියේ විෂය පථයට අයත් නොවන බව තමන් විශ්වාස කරන අතර නීතිමය අභියෝගයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර සමාජ මාධ්‍ය සමාගම් වහාම අන්තර්ගතය ඉවත් කළ යුතු බව රජයේ අපේක්ෂාව බව සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා අගමැති ඇන්තනි ඇල්බනීස් ද පැවසුවේ ප්‍රජාව ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය සමාගම්වලට වගකීමක් ඇති බවයි.

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

Read More »

සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයක

සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ කාර්යංශ දත්ත අනුව හඳුනාගෙන තිබෙනවා.

Read More »

සයිබර් ප්‍රහාරවලට එරෙහි මූලික පියවර ගන්න ඔස්ට්‍රේලියානුවන්ට උපදෙසක්

E- බෙහෙත් වට්ටෝරු බෙදාහරින මෙඩි සෙකියුර් (MediSecure) සමාගමට පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාව හුදකලා සිදුවීමක් පමණක් බව සයිබර් ආරක්ෂණ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මෙචෙල් මැක්ගිනස් පවසනවා.

Read More »