සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයක

සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ කාර්යංශ දත්ත අනුව හඳුනාගෙන තිබෙනවා.

එය සමස්ථ ඔස්ට්‍රේලියානු ජනගහනය හා සැසදීමේ දී මිලියන 4.4ක් බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තවත් සියයට 22ක් පමණ අබාධිත නොවුව ද කුමන හෝ සෞඛ්‍ය ව්‍යාධියකින් පෙළෙන බව සඳහන්.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ ලිංගිකත්වය සහ වයස, ආබාධිතභාවය සඳහා බලපැම් කරන අතර වයසින් මුහුකුරා යෑමත් සමග අබාධිත තත්වයෙහි ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි.

වයස අවුරුදු 14ට අඩු ළමුන්ගෙන් සියයට 7.6ක් ආබාධිත වන අතර වයස අවුරුදු 15ත් 24ත් අතර පුද්ගලයින්ගෙන් සියයට 9.3ක් ද වයස අවුරුදු 15ත් 64ත් අතර පුද්ගලයින්ගෙන් සියයට 13ක් ද ආබාධිත තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50ක් අබාධිත වන බව අවසන් වරට සිදුකර ඇති සංගණනයේ දී තහවුරු වී තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියානු පිරිමි පුද්ගලයින්ට සාපේක්ෂව කාන්තාවන් අබාධිතවීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව ද සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »