සයිබර් ප්‍රහාරවලට එරෙහි මූලික පියවර ගන්න ඔස්ට්‍රේලියානුවන්ට උපදෙසක්

E- බෙහෙත් වට්ටෝරු බෙදාහරින මෙඩි සෙකියුර් (MediSecure) සමාගමට පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාව හුදකලා සිදුවීමක් පමණක් බව සයිබර් ආරක්ෂණ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මෙචෙල් මැක්ගිනස් පවසනවා.

MediSecure දත්ත කඩ කිරීම හුදකලා ප්‍රහාරයක් වුව ද සෞඛ්‍ය දත්ත සයිබර් අපරාධ සඳහා ප්‍රධාන ඉලක්කයක් විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

සයිබර් ආරක්ෂණ ප්‍රධානියා පවසන්නේ නවතම ඔන්ලයින් රැන්ස්ම්වෙයා ප්‍රහාරය හුදකලා සිදුවීමක් වන අතර වෙනත් කිසිදු ආයතනයකට බලපෑමක් සිදු නොවූ බවයි.

හැඳුනුම්පත් ලේඛන සහ මෙඩිකෙයා කාඩ්පත් අවදානමට ලක්ව තිබේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර එය එසේ වන්නේ නම් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට දැනුම් දෙන බව ඇය සඳහන් කළා.

මෙම අවදානම් තත්වය හේතුවෙන් සයිබර් ආරක්ෂණ ඒකකය ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ තම මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ සංකීර්ණ පාස්වර්ඩ් භාවිතා කිරීම වැනි සයිබර් ප්‍රහාරවලට එරෙහි මූලික පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසටයි.

ඉලෙක්ට්‍රොනික බෙහෙත් වට්ටෝරු සහ ඒවා බෙදා හැරීමට පහසුකම් සපයන සමාගම ඔස්ට්‍රේලියානුවන් කොපමණ ප්‍රමාණයකට බලපෑම් ඇති කළේද යන්න හෙළි කර නැහැ.

ලුතිනන් ජෙනරාල් මැක්ගිනස් පැවසුවේ පෞද්ගලික දත්ත ලබාගැනීමේ කිසිදු තොරතුරක් වෙනත් අයෙකු අතට පත්වීමක් හෝ ප්‍රසිද්ධියට පත් කර ඇති බවට කිසිදු තොරතුරක් නොමැති බවයි.

මේ පිළිබද තමන් දැනුවත් බවත් කඩිනමින් පුද්ගලික අනන්‍යතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව සයිබර් ආරක්‍ෂක අමාත්‍ය කෙයාර් ඔනීල් ප්‍රකාශ කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »