පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

මියගිය සහ තුවාල ලැබුවන් සිහි කිරීමේ දිනයක් ලෙසට අද වෙළඳ සංකීර්ණය විවෘත කෙරුණ ද ගනුදෙනු කිසිවක් සිදු කෙරෙන්නේ නැහැ.

මේ අතර වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණ හිමිකරුවන් සඳහන් කළේ මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් පසුගිය 13 වනදා සිට හෙට දිනය දක්වා එහි වෙළඳ සැල් හිමියන්ගෙන් කුලී මුදල් අය නොකරන බවයි.

විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට මධ්‍යස්ථානය නැරඹීමට මෙන්ම මියගිය අයට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට අද අවස්ථාව ලබාදී තිබෙනවා.

පසුගිය සෙනසුරාද 40 හැවිරිදි ජොඑල් කවුචි නම් පුද්ගලයෙකු කළ පිහි ඇනුමෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය අතර තවත් 12 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානය වැඩි ආරක්‍ෂාවක් සහිතව හෙට සිට වෙළඳාම සඳහා නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »