චමරි අතපත්තුගෙන් වාර්තා රැසක්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පවතී එක්දින තරගාවලිය 1 – 1 ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා කුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ ඊයේ පැවති අවසන් තරගය ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කළ තරගයක් ලෙසටයි සැලකෙන්නේ.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් පන්දු 139කදී නොදැවී ලබාගත් වේගවත් ලකුණු 195 හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර පහක් ඉතිරිව තිබියදී පහසු ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 301ක් රැස් කළා.

ලෝරා වොල්වාඩ්ට් පන්දු 147කින් වේගවත් 184ක් සහ මරිසන් කැප් පන්දු 34කින් ලකුණු 36ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු 2ක් ද, චමරි අතපත්තු ලකුණු 59කට කඩුලු 1ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කරමින් එම ඉලක්කය පසුකර ගියා.

චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිමට අනගි සහයක් ලබාදෙමින් නිලක්ෂි ද සිල්වා පන්දු 71ක් තුල ලකුණු 50 රැස් කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොංගා කාකා ලකුණු 54කට කඩුලු 2ක් ද, නදීන් ඩි ක්ලර්ක් ලකුණු 59කට කඩුලු 1ක් ද බිඳ දැමුවා.

මෙම හඹා යෑමත් ජාත්‍යන්තර එක්දින තරගයක හඹායාමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු ගණනේ වාර්තාව සිය නාමය ඉදිරියේ ලියවාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමඟින් සමත් වුණා.

ඇය විසින් බිඳ දැමුවේ මින් පෙර මෙග් ලෙනින් විසින් රැස්කළ ලකුණු 152ක වාර්තාවයි.

එමෙන්ම අන්තර්ජාතික එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ තෙවන විශාලතම ඉනිම ලෙස ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක්වුණා.

චමරි අතපත්තුගේ ලකුණු 195 ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී කාන්තා ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හඹා ගිය ලකුණු 302 වාර්තා අතරට එක්වුයේ කාන්තා එක්දින තරගයකදී හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

තරගාවලියේ පළමු එක්දින තරගය වර්ෂාව නිසා හේතුවෙන් අත්හැර දැමුණු අතර, දෙවන තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක ජයක් හිමිවුණා.

තුන්වන සහ තීරණාත්මක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි තරගාවලිය එකට එකක් ලෙස සම තත්වයෙන් අවසන් වූයේ.

තම ක්‍රිකට් දිවියේ හොඳම එක්දින ඉනිම වාර්තා කල චමරි අතපත්තු අවසන් තෙවන එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, තරහාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 335ල් රැස්කළ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ්ට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණා.

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »