ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

එනම් ඩිජිටල් රියදුරු බලපත්‍ර යෙදුම් ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් වංචනික ක්‍රියා හා සම්බන්ධ අවදානම වැඩි කළ හැකි බවයි සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කරන ලෙස ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රය මේ වන විට ප්‍රාන්ත 3ක ක්‍රියාත්මක අතර වික්ටෝරියා ප්‍රාන්තය ඩිජිටල් හැදුනුම්පත හදුන්වා දෙන 4වන ප්‍රාන්තය බවට නුදුරේදීම පත්වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ බොහෝ ඩිජිටල් රියදුරු බලපත්‍ර ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පවසන අතර එමඟින් වංචා සහ අනන්‍යතා සොරකම්වල අවදානම වැඩිවී ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සම්පූර්ණ බලපත්‍රලාභී රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට ලබන මාසයේ සිට මයි වික් රෝඩ්ස් (myVicRoads) සහ Service Victoria යෙදුම් හරහා ඔවුන්ගේ බලපත්‍රවලට ප්‍රවේශ විය හැකියි.

සයිබර් ආරක්ෂණ සමාගමක් වන ඩූල් හි අධ්‍යක්ෂ ජමිසන් පවසන්නේ ඩිජිටල් රියදුරු බලපත්‍ර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සෑදීම අනිවාර්ය වන අතර එසේ නොවන්නේ නම් අනන්‍යතා වංචාවන් වැඩිවිය හැකි බවයි.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »