ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් පිරිසක් වැඩ වර්ජනයකට සැරසෙයි

වැටුප් වැඩි කිරීම් ඇතුලු කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව බටහිර ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය සංගම් පවසනවා.

ලබන 22 වන අඟහරුවාදා වරුවක වැඩවර්ජනයක් සිදු කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

ගුරු වෘත්තීය සංගම් විසින් ඉල්ලුම් කර ඇති නව වැටුප් සහ කොන්දේසි පිරිනැමීම ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවයි නිවේදනය කර තිබෙනවා.

වෘත්තීය සංගම සංගම් සඳහන් කර ඇත්තේ වසර දෙකක් තුළ සියයට 12ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය නමුත් ප්‍රාන්ත රජය වසර තුනක් තුළ සියයට 11ක වැටුප් වැඩිවීමක් පමණක් සිදු කර ඇති බවයි.

සැලසුම් කර ඇති වැඩවර්ජනය වැළැක්වීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා විසඳුම් වෘත්තිය සමිත වෙත ලබා දෙන බව ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

වර්ජනය හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ රජයේ පාසැල්වල වැඩ කටයුතුවලට බාධා රැසක් මතුවිය හැකි බව වෘත්තීය සමිති අවධාරණය කරනවා.

තවද සේවා ස්ථාන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ ගුරුවරුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් වූ ඉල්ලීම් කිහිපයක් ද වෘත්තිය සමිති විසින් ප්‍රාන්ත රජයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ගුරුවරුන්ට තම රැකියාව තුළ අසාමාන්‍ය පීඩනයක් ඇති නොවන පරිදි වැඩ කටයුතු සිදු කිරීමට අවකාශය සලසා දීම එහි අරමුණ බව වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ප්‍රාන්ත රජය මෙතෙක් ඒ සම්බන්ධ ස්ථාවරය ප්‍රකාශ කර නැහැ.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »