බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ලකුණු 192කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් ලබාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 178 ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථකත්වයකින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔවුන් කඩුලු 07කට ලකුණු 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට හිමි වූයේ ලකුණු 512ක දැවැන්ත ඉලක්කයක්.

එහෙත් බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 318ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට දෙවන ටෙස්ට් තරගයේ ජය හිමි වූ අතර තරගාවලියේ ජය ද 2ට බින්දුවක් ලෙසට හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »