දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් අනාවරණ කර ඇත්තේ ගෘහස්ථ ආපනශාලා සහ ආහාර සේවාවලදී වැඩිම ආහාර නාස්තියක් සිදු වන බවයි.

මිනිසුන්ට ලබා ගත හැකි ආහාරවලින් පහෙන් එකක් අපතේ යන බව එම වාර්තාවේ සඳහන්.

2022 වසරේ ආහාර මෙට්‍රික් ටොන් බිලියන 01.05ක් අපතේ යවා ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් මිලියන 631ක් අපතේ යවා ඇත්තේ නිවාස ආශ්‍රිතවයි.

එය සමස්ථ නාස්තියෙන් සියයට 60ක් වන බවයි සඳහන් වන්නේ.

ගොවිපළේ සිට වෙළඳපොළට පැමිණෙන ක්‍රියාවලියේදී ද ආහාරවලින් සියයට 13ක් අපතේ යන බවට හෙළිවී තිබෙනවා.

නිෂ්පාදන ක්‍රියාවලියේදී සමස්ථයක් ලෙස ආහාරවලින් තුනෙන් එකක් අපතේ යන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකු සෑම වසරකම ආහාර කිලෝග්‍රෑම් 79ක් අපතේ යවන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »