පාස්කු දේව මෙහෙයට ගිය 45ක් මියයද්දී සිදු වූ ආශ්චර්යය

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 45 දෙනෙකු මියගොස් 8 හැවිරිදි කුඩා දැරියක් පමණක් දිවි ගලවා ගෙන තිබෙනවා.

ඔවුන් ගමන් ගත් බස් රථය ඊසානදිග ලිම්පෝපෝ (Limpopo) ප්‍රදේශයේදී පාලමකින් පෙරලී අඩි 165ක් පමණ පහළින් පිහිටි මිටියාවතකට වැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ අට හැවිරිදි දැරිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එහි ගමන් කර ඇත්තේ ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගිය බැතිමතුන් පිරිසක්.

දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කළේ බස් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව කඳුකරයේ පාලමකින් ඉවතට පැන ප්‍රපාතයට වැටී ගිනිගෙන ඇති බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් බ්‍රහස්පතින්දා සවස් වන තෙක් ක්‍රියාත්මක වූ අතර සුන්බුන් අතරට ළඟා වීමට අපහසු බව ද වාර්තා වනවා.

සිද්ධිය වූ ස්ථානයට ගිය දකුණු අප්‍රිකා ප්‍රවාහන අමාත්‍යවරයා මෙම ඛේදජනක බස් රථ අනතුරෙන් විපතට පත් පවුල්වලට සිය ශෝකය පළ කර තිබෙනවා.

ඇය තවදුරටත් සඳහන් කළේ මෙම පාස්කු සති අන්තයේ වැඩි පිරිසක් මාර්ගවල සිටින බැවින් සෑම විටම වගකීමෙන් රිය පැදවිය යුතු බවයි.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »