දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

නීති විරෝධීව දුම්කොළ නිෂ්පාදන අලෙවිය නතර කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි අගමැතිනී ජසින්ටා ඇලන් ප්‍රකාශ කළේ.

නව රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව අගමැතිනිය සඳහන් කර තිබෙනවා.

දුම්වැටි අලෙවි කරනු ලබන වෙළඳසැල්වල දැඩි කොන්දේසි සපුරාලීමට සිදු වන අතර බලපත්‍ර සංඛ්‍යාවට සීමාවක් නොමැති බවයි ඇය කියාසිටියේ.

මේ ආකාරයේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම මගින් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම්වලට ද උපකාරී වනු ඇතැයි ජසින්ටා ඇලන් ප්‍රකාශ කළා.

දැනට දුම්කොළ නිෂ්පාදන සඳහා සිල්ලර බලපත්‍ර ක්‍රමයක් නොමැති එකම ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තයයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට කාර්ය සාධක බලකාය නීතිවිරෝධීව දුම්වැටි අලෙවි කිරීමට සම්බන්ධ වෙළඳසැල් 70කට ආසන්න ප්‍රමාණයක් වටලා තිබෙනවා.

ඔවුන් එහිදී ඩොලර් මිලියන 3.2 ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි 108,722ක්, ඩොලර් මිලියන 3.9ක් වටිනා දුම්වැටි මිලියන තුනකට වඩා සහ ඩොලර් මිලියන 1.9ක් වටිනා දුම්කොළ ටොන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වික්ටෝරියා පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නීති හඳුන්වා දීම රජයට අයත් කරුණක් වුව ද ඕනෑම බලපත්‍ර යෝජනා ක්‍රමයක් තමන් පිළිගන්නා බවයි.

මෙම යෝජනා ක්‍රමය වික්ටෝරියානුවන් වඩාත් හොඳින් ආරක්ෂා කරනු ඇති බව පිළිකා කවුන්සිලයේ වික්ටෝරියා ප්‍රධාන විධායක ටොඩ් හාප් සඳහන් කර තිබෙනවා.

සිල්ලර වෙළඳ ප්‍රජාවට දුම්කොළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වළක්වන නීති පැනවීම මඟින් රජයට අවශ්‍ය වන්නේ මිනිසුන් දුම්පානය ආරම්භ නොකිරීමට සහ දුම්පානය කරන අයට ඉවත් වීමට සහාය වීම බවයි ඔහු සඳහන් කළේ.

එබැවින් මෙම යෝජනා ක්‍රමය අවසානයේ ජීවිත බේරා ගන්නා තවත් ඉදිරි පියවරක් බව ද ටොඩ් හාප් පෙන්වා දී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »