ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ගුවන් ගමන් ලබන ජූනි මාසයේ සිට ඔක්තෝබර් දක්වා සතියකට දෙවරක් සිදු කෙරෙන අතර අද සිට ඒ සඳහා ටිකට්පත් ලබා ගත හැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

බෲම් සහ සිංගප්පූරුව අතර සෘජු ගුවන් ගමන් තුළින් බටහිර ඔස්ට්‍රේලියාව, කාර්යබහුල අග්නිදිග ආසියාවේ කේන්ද්‍රස්ථානය වෙත නැවත සම්බන්ධ කෙරෙනු ඇති.

Jetstar Asia සිංගප්පූරු ගුවන් සේවය ජූනි මස 25 වැනිදා සිට සේවා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එහි නව සැලසුම් අද ප්‍රකාශයට පත් කෙරුණා.

සිල්ක් එයාර් ගුවන් සේවය බෲම් සිට සිංගප්පූරුව දක්වා 2018 වසරේදී ගුවන් ගමන් සිදු කළ අතර එය කොරෝනා ව්‍යාප්තියත් සමග ඇනහිට තිබුණා.

පසුගිය වසරේ බෲම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ෆෙඩරල් රජයේ සහාය ඉල්ලා සිටි අතර ඒ අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් පවත්වාගෙන යාමට ඇති මූලික බාධකය වූයේ බෲම් හි දේශසීමා සේවාවලට අදාළ කටයුතු වෙනුවෙන් පහසුකම් ස්ථාපිත නොකිරීමයි.

එම සේවා වෙනුවෙන් පහසුම් සැලසීමටයි මේ වන විට කටයුතු යොදා ඇතැයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »