ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුරුළු උණ ලෙස පොදුවේ හඳුන්වන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය කැන්සාස් සහ ටෙක්සාස් හි කිරි ගව පට්ටිවලින් සොයාගෙන ඇති බවයි.

එහෙත් පාරිභෝගිකයන්ට ලබා දෙන නිෂ්පාදන ආරක්ෂිත බව එක්සත් ජනපද කිරි සංගම් හතරක් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

බලධාරීන් පැවසුවේ ආසාධිත එළදෙනුන්ගේ කිරි විනාශ කරන අතර රෝගී ගවයින් මස් සැපයුම් දාමයට නොපැමිණෙන බැවින් මිනිසුන්ට ඇති අවදානම අඩු බවයි.

මේ අතර සංචාරක පක්ෂීන් හරහා ඔස්ට්‍රේලියාවට කුරුළු උණ රෝගය පැමිණිය හැකි බව ඔස්ට්‍රේලියාවේ වෙසෙන පශු සම්පත් විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් පශු සම්පත් කර්මාන්ත ගැන සැලකිලිමත් විය යුතු බවයි පක්ෂි සංක්‍රමණය සහ රෝග පැතිරීම පිළිබඳව අධ්‍යයනය කරන ඩීකින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්සෙල් ක්ලාසන් ප්‍රකාශ කළේ.

මහාචාර්ය ක්ලාසන් පෙන්වා දෙන්නේ සංක්‍රමණික පක්ෂීන් හරහා රෝගය ඔස්ට්‍රේලියාවට ළඟා වුවහොත් දේශීය සතුන්ටද එමගින් බලපෑම් සිදු විය හැකි බවයි.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »