යොවුන් තරුණියන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට අලුත් App එකක්

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් විසින් කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සඳහා නව යෙදවුමක් (App) හඳුන්වා දී තිබෙනවා.

AI තාක්ෂණය ඔස්සේ ටෙලි හෙල්ත් සේවා ද සම්බන්ධ කරගනිමින් මෙය නිර්මාණය කර ඇති බව සඳහන්.

එමගින් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය, ගර්භනී තත්වයන් සහ ගර්භනී අවදියේ පිළිපැදිය යුතු පුරුදු ද ඇතුලුව ස්වයංව අධ්‍යනය කළ හැකි වනු ඇති.

චාලි හෙල්ත් (Charli Health) ලෙස නම්කර ඇති මෙම යෙදවුම ප්‍රජනන ගැටලු මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වයන් මැන බැලීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

Charli Health app එක ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතනයක් ඔස්සේ භාගත කර ගැනීමේ හැකියාව පවතින අතර භාගත කළ දින සිට මාස 3ක කාලසීමාවක් සඳහා නොමිලේ සේවා ලබා ගත හැකියි.

කාන්තාවන් මෙන්ම නව යොවුන්වියේ පසුවන ගැහැණු ළමුන් සඳහා ද සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම සදහා මෙය ඉවහල් වනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රකාශ කළා.

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »