විදෙස් සංක්‍රමණිකයන් නිසා ඔස්ට්‍රේලියාවට සිදු වූ දේ

ඔස්ට්‍රේලියාවේ අග නගරවල ජනගහනය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාවේ අගනගරවල ජනගහනය ලක්ෂ 5කට වඩා වැඩි වූ අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික වර්ධනය බවයි සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙන්නේ.

ඒ අනුව සිඩ්නි අගනුවර ජනගහනය මිලියන 5.4 ඉක්මවා ඇති අතර මෙල්බන් අගනුවර ජනගහනය සටහන්ව ඇත්තේ මිලියන 5.2ක් ලෙසයි.

පසුගිය මුල්‍ය වර්ෂයේ විදේශ සංක්‍රමණිකයින්ගේ වර්තාගත වැඩිවීම මෙලෙස ජනගහන වර්ධනය කෙරෙහි සෘජුව බලපා තිබෙනවා.

සෑම සංක්‍රමණිකයින් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් අගනුවර ආශ්‍රිතව ජිවත් වන බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් මෙල්බන්හි නව ජනගහනය 167500කින් ද සිඩ්නිහි නව ජනහගනය 146,700කින් වර්ධනය වී ඇති බව සඳහන්.

එසේම ඇඩිලේඩ්හි සමස්ත ජනගහනය මිලියන 2.7 ඉක්මවා ඇති අතර පසුගිය මූල්‍ය වර්ශයේ පමණක් නව පුද්ගලයන් 80000කින් වර්ධනය වී තිබුණා.

පර්ත් සහ ඇඩිලේඩ් අගනුවරවල ජනගහනය සටහන්ව ඇත්තේ පිළිවෙලින් 2.3 සහ 1.4 ලෙසයි.

1971 දී මෙරට ජනගහන සංඛ්‍යා දත්ත සටහන් කිරීම ආරම්භ වූ දා පටන් වාර්තා වූ ඉහළතම ජනගහන වර්ධන අගය මෙය ලෙසටයි සටහන්ව ඇත්තේ.

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »