වික්ටෝරියාවලට නැවතත් කැසිනෝ එයි

කැසිනෝ සමාජ ශාලාවලට හිමි අයිතිවාසිකම් වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත වික්ටෝරියාහි පැවති එකම කැසිනෝ සමාජ ශාලාවට එරෙහිව තිබූ නීතිමය පියවර ලිහිල් කර තිබෙනවා.

වික්ටෝරියාහි කැසිනෝ පාලන කොමිෂන් සභාව විසින් මීට වසර දෙකකට පෙර ක්‍රවුන් කැසිනෝ සමාජ ශාලාවට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීමටයි පියවර ගෙන තිබුණේ.

ක්‍රවුන් කැසිනෝ සමාජ ශාලවට ලබා දුන් වසර 2ක පරිවාස කාලය තුළ එම රීති නිසි ලෙස පවත්වාගෙන යෑමත් සමඟ නැවත වරක් කැසිනෝ ශාලාව පවත්වාගෙන යාම සඳහා ක්‍රවුන් සමාගම සිය බලපත්‍රය ලබාගෙන ඇති බව සඳහන්.

ක්‍රවුන් කැසිනෝ ශාලාව මීට පෙර එහි වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කළ නමුත් එහි ක්‍රියාකාරකම් නැවත වරක් නිසි පරිදි නඩත්තු කරගත් ආකාරය මත එම බලපත්‍රය ලබාදීමට වික්ටෝරියාහි කැසිනෝ පාලන කොමිෂන් සභාව එකඟ වී තිබෙනවා.

මෙලෙස නැවත ලබා දුන් බලපත්‍රයේ නීති නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි එම කොමිසම දන්වා ඇත්තේ.

කැසිනෝ කර්මාන්තය තුළ පවතින වගකීම් වසර 5ක කාලසීමාවක් තුළ උල්ලංගණය කිරීමේ චෝදනාව හේතුවෙන් අදාළ කැසිනෝ ශාලාව වාරණය කර තිබු අතර වසර දෙකක අධීක්ෂණයෙන් පසු නැවත බලපත්‍ර ලබා ගැනීමට හැකිවීම කාගේත් අවදානයට ලක්ව තිබෙනවා.

ක්‍රවුන් කැසිනෝ ශාලාවේ සේවකයින්ගේ වැටුප් මෙන්ම විදේශීය පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට ද කොමිසම විසින් එහි බලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇති බව සඳහන්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »