Phone එකෙන් Game ගහන්න ඔෆිස් එකෙන් සල්ලි උස්සපු හැටි

කැන්ඩි ක්‍රෂ් ජංගම දුරකථන ක්‍රීඩාවේ නිරත වීම සඳහා තමන් සේවය කරන ආයතනයේ මුදල් යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව වික්ටෝරියා ප්‍රාන්තයේ බිම්මල් නිශ්පාදනය කරන ආයතනයක ගිණුම් අංශ නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි අයෙක්.

ආයතනයට අයත් මුදල් ඩොලර් එක්ලක්ෂ අසූ දහසක් කැන්ඩි ක්‍රෂ් ක්‍රීඩාව සඳහා යොදවා ඇති අතර එමගින් ඇය ඩොලර් මිලියනයකට වඩා උපයා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 6ක් පුරා මෙම කාන්තාව මෙලෙස ආයතන මුදල් අවභාවිත කරමින් වංචනික ලෙස මුදල් උපයා ඇති බව තහවුරු වීමත් සමග සොරකම් කිරීමේ චෝදනා හතකට වරද පිළිගෙන ඇති බව සඳහන්.

52 හැවිරිදි ඇය ආයතනයේ බැංකු ගිණුම හරහා මෙලෙස අවස්ථා 435කදී මුදල් වංචා කර ඇති බව හෙළිවී තිබෙනවා.

නියමිත පරිදි වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් සේවකයින් ආයතන ප්‍රධානියාට සිදු කළ පැමිණිළි අනුව විමර්ශණ ආරම්භ කර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ සැකකාර ගිණුම් නිලධාරී කාන්තාව විසින් මුදල් වංචා සිදු කර ඇති බවයි.

මූල් අවස්ථාවේදී ආයතන ප්‍රධානීන් සැක කර බැංකු ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවටයි.

ඒ පිළිබඳ විමර්ශණය සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු බඳවා ගැනීමත් සමග සිද්ධිය පිළිබඳ සත්‍ය හෙළිවී තිබෙනවා.

සැකකාරිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »