ඔස්ට්‍රේලියාවේ වාහනවලට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන් පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට ෆෙඩර්ල් රජය පියවර ගෙන තිබෙනවා.

පවතින වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන්ගේ දුර්වලතා පිළිබඳ හෙළි වීමත් සමග කාබන් විමෝචනය අවම පරිසරයක අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව සඳහන්.

2025 වසරේ ජූලි මාසය වන විට ඔස්ට්‍රේලියාව කාබන් විමෝචන අවම රටක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කිරීම මෙහි අරමුණයි.

මේ යටතේ මගී වාහන සඳහා දැඩි විමෝචන සීමාවන් පනවනු ඇති.

විශේෂයෙන් සියලු සැහැල්ලු වාණිජ වාහන සඳහා විමෝචන සීමාවන් ඉහළ දමන අතර මේ සම්බන්ධයෙන් වාහන නිෂ්පාදන සමාගම්වලින් යම් මතභේදාත්මක තත්වයක් ද මතුව තිබෙනවා.

ටොයොටා ඔස්ට්‍රේලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් කලාචර් සඳහන් කළේ වාහන කාර්යක්ෂමතා ප්‍රමිතිය තවමත් සපුරාලීමට අපහසු බැවින් ඉදිරියේ දී ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.

මෙම වාහන කාර්යක්ෂමතා ප්‍රමිතින් සාක්ෂාත් කර ගැනීම වාහන නිශ්පාදන සමාගම් වලට දැඩි අභියෝගයක් වන බව ද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පමණක් නොව බොහෝ සංවර්ධිත රටවල්වලට වාහන කාර්යක්ෂමතා ප්‍රමිතින් සපුරාලිමට නොහැකි වී ඇති අතර පරිසර ආරක්ෂණය වෙනුවෙන් කාබන් විමෝචනය තුරන් කිරීමට අවශ්‍යතාව පිළිබඳ ගෝලීය මට්ටමින් ද අවධානය යොමුව තිබෙනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »