කොවිඩ් එන්නත වාර්ෂිකව ගන්න වෙයි

උණ රෝගය සඳහා එන්නත් ලබා ගන්නා ආකාරයෙන්ම වාර්ෂිකව කොවිඩ් එන්නත් ලබා ගත යුතු බව ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් පවසනවා.

නවතම වාර්තාවකට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් අවදානම පහව ගිය ද සෑම කෙනෙකුම උණ එන්නතට සමාන ආකාරයකින් වාර්ෂිකව කොරෝනා වෛරස් එන්නත් ලබා ගත යුතු බවයි.

ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින් වාර්ෂිකව අදාළ එන්නත් ලබා ගැනීම අනිවාර්ය බව ඔවුන් නිර්දේශ කර තිබෙනවා.

බෝවන රෝග සහ විශ්ලේෂණ සඳහා වන ඇමරිකාවේ යෙල් මධ්‍යස්ථානය විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර වාර්ෂික පොදු එන්නත් ක්‍රම 5ක් අධ්‍යනය කරමින් වාර්තා ඉදිරිපත් කර තිබුණා.

ජනතාව මෙලෙස නිසි පරිදි එන්නත්කරණය කිරීම තුළින් වාර්ෂිකව රජයන්ට සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කර ගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට සහ අවුරුදු 2කට අඩු දරුවන්ට මෙලෙස කොවිඩ් මාත්‍රා නිසි පරිදි ලබා දීම වඩාත් සුදුසු බව යෝජනා කර තිබෙනවා.

බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් රෝහල් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව සියයට 15 කින් සහ මරණ සංඛ්‍යාව සියයට 18කින් තවදුරටත් අඩු කරගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »