කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලකින් ලංකාවේ රෝහල්වලට මිලියන 470ක පරිත්‍යාගයක්

රුපියල් මිලියන 470ක් පමණ වටිනා නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් 157ක් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත පරිත්‍යාග කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දා එම ඇඳන් භාර දෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙතයි.

මෙම පරිත්‍යාගය පිළිගනිමින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කැනඩාවේ පදිංචිව සිටින පැට්‍රික් නිල්කමල් ප්‍රනාන්දුට සහ ඔහුගේ පවුලේ අයට සිය කෘතඥතාව පළ කළා.

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුල විසින් ලබා දුන් මෙම ඇඳන් සීදූව සුපුවත් අරණ හි අධ්‍යක්ෂ සහ නිර්මාතෘ ඩැරල් කූංහේ පියතුමන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.

එකක් රුපියල් මිලියන 3ක පමණ වටිනාකමින් යුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් රජයේ රෝහල් 34කට බෙදා දීමට නියමිතයි.

මීගමුව, රාගම ශික්ෂණ රෝහල, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් වෙත ඇඳන් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »