විශ්‍රාම ගිහින් යළි පිටියට එන්න හැදූ වනිඳුට ICCයෙන් තහනමක්

wanindu

වනිඳු හසරංගට බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන සිකුරාදා (22) ආරම්භ වීමට නියමිත තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කර තිබෙනවා.

ඒ ඔහු බංග්ලාදේශය සමග පැවැති තුන්වන එක්දින තරගයේදී විනිසුරු තීරණයට විරෝධය දැක්වීමේ සිදුවීමක් හේතුවෙන්.

බංග්ලාදේශය පන්දුවට පහර දෙමින් සිටියදී 37 වැනි පන්දුවාරයේදීයි මෙම සිදුවීම වාර්තා වූයේ.

එහිදී වනිඳු හසරංග විනිසුරු ලබාදුන් තීරණය අප්‍රසාදයට ලක්කර ඔහුගේ හිස් වැසුම විනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් ඔහුව සමච්චලයට ලක් කළ බවට චෝදනා එල්ල වනවා.

මෙය ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන ‘අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම’ කඩ කිරීමක් බවයි අයි.සී.සී.ය පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති රාමුව අනුව වෙවැනි වරදකට ලබාදෙන සාමාන්‍ය දඬුවම වන්නේ අදාළ ක්‍රීඩකයා ක්‍රීඩා කරන ආසන්නම තරග දෙකට වාරණයක් පැනවීමයි.

වනිඳු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකර තිබුණේ නම් බොහෝ දුරට එම තහනම එලඹෙන 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙකට අදාළ වීමට ඉඩ කඩ පැවතුණා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු තරග දෙක ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ද බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව සමගින්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්වි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි වනිඳු හසරංග නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබුණා.

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »