බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත් වන සංචිතයේ නායකත්වය හිමිවී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්,= මෙන්ම සහන් ආරච්චි සංචිතය නියෝජනය කරනවා.

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ෂාන් මදුෂංක, ප්‍රමෝද් මදුෂාන් සහ ලහිරු කුමාර එක්දින සංචිතය නියෝජනය කරන සෙසු ක්‍රීඩකයන් වනවා.

ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද අනුමත කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද (13) පැවැත්වෙන්නේ චැටෝග්‍රම් හිදීයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »