මෙල්බන් හි පොලීසිය විසින් කල ලුහුබැඳීමක් අතරතුර​ සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මරුට​!

මෙල්බන් හි පොලීසිය විසින් කල ලුහුබැඳීමක් අතරතුර​ සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මරුට​!

අද අලුයම මෙල්බන් හි වික්ටෝරියානු පොලීසිය විසින් කල ලුහුබැඳීමක් අතරතුර​ සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අලුයම 3.30 ට පමණ මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි Stud Road හිදී කැපී පෙනෙන කාරණයක් සම්බන්ධයෙන් පොලිසිය රියදුරා නැවැත්වීමට උත්සාහ කළ නමුත් ඔහු පැන ගිය බව සඳහන්.

පසුව පොලිස් නිලධාරීන් පසුපස හඹා යාමේදී මෝටර් රථය​ රොව්විල් ප්‍රදේශයේ Stud Road හිදී ගසක හැපී ගිනිගෙන දැවී ගොස් තිබූ බවට වාර්තා වේ.

පොලිසිය දැවෙන වාහනයෙන් ඔහු ඇදගෙන ගොස් ප්‍රථමාධාර ලබා දීමට පටන් ගත් නමුත් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත​.
තවමත් එම පුද්ගලයා කවුරු දැයි නිශ්චිතව හඳුනා ගෙන නොමැත.

(Photo & video Credits: Geeth Chandrasekara)

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »