දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ඔහු අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් අද පස්වරුවේ ලබාගෙන ඇතැයි සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව බවයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් අනතුරුව පොලිස්පති ධුරය පුරප්පාඩු වූ අතර දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් කටයුතු කළේ වැඩබලන පොලිස්පතිවරයා ලෙසටයි.

ඔහුට පොලිස්පති ධුරය ලබාදීම සම්බන්ධයෙන් කතා බහක් පවතින වකවානුවේ විශාල පිරිසක් ඊට විරෝධය පළ කළ අතර අධිකරණ ක්‍රියාමාර්ග ද ගනු ලැබුවා.

කෙසේවෙතත් වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට කටයුතු කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙසට ස්ථිර කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල යෝජනාවට පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ද අනුමැතිය හිමිවී තිබුණා.

ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙසට පත් කළ කාලය 28 වන බදාදා මධ්‍යම රාත්‍රියෙනුයි අවසන් වීමට නියමිතව තිබුණේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »