අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව​ ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට​!

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව​ ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට​!

ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඊයේ (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවයි මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනී යන්නේ.

දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව 19 වන දින​ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර අදහස් දක්වමින් කියා සිටියේ ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී පීඩනය යම් මට්ටමකින් සමනයවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »