නෝර්වේ ෆයිසර් එන්නත ලබා ගත් 29 දෙනෙකු මිය යද්දී ඕස්ට්‍රේලියාව​ එන්නත පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹයි!

PFIZER

නෝර්වේ ෆයිසර් එන්නත ලබා ගත් 29 දෙනෙකු මිය යද්දී ඕස්ට්‍රේලියාව​ එන්නත පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹයි!

පසුගිය සිකුරාදා දින වන විට නෝර්වේ රාජ්‍යයේ ෆයිසර් එන්නත ලබාගත් වයෝවෘද්ධ පුද්ගලයින් 29දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ පුවත වාර්තා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඉරිදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඕස්ට්‍රේලියානු රජය නෝර්වේ රාජ්‍යයෙන් සහ ෆයිසර් නිෂ්පාදන සමාගමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා සිටින බවයි.

මේ පිළිබඳව ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ඕස්ට්‍රේලියාව සතුව ලොව හොඳම සෞඛ්‍ය නියාමන පද්ධතිය තිබෙන බවත් ඕස්ට්‍රේලියානුවන්ට ඒ පිළිබඳව විශ්වාසය තබා ගැනීමට හැකි බවත්‍ ය​.

මෙලෙස නෝර්වේහි වාර්තා වූ මරණ 29 යෙන් 25 ක් ම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 70 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ. තවත් හතර දෙනෙක් වයස අවුරුදු 69 ට අඩු අය වෙති. නෝර්වීජියානු නිලධාරීන් පැවසුවේ මෙම මරණ “ඉතා බරපතල රෝගවලින් පෙළෙන රෝගීන්ට” පමණක් සීමා වී ඇති අතර සමහරුන් උණ, ඔක්කාරය හා පාචනය වැනි රෝගී තත්වයන් ඊට හේතු සාධකද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් විමර්ශනය කරමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය​ (TGA) තවමත් ෆයිසර් එන්නත නිල වශයෙන් අනුමත කර නැත. නමුත් ජනවාරි අවසානයට පෙර එය සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

(THENEWDAILY)

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »