සර්ෆ් ලයිෆ් සේවින්ග් වෙත ලබාදෙන අරමුදල් පහතට

සර්ෆ් ලයිෆ් සේවින්ග් වෙත ලබාදෙන අරමුදල් අඩු කිරීමට වික්ටෝරියා රජය තීරණය කර තිබෙනවා.

ඒ ඩොලර් මිලියන ගණනකින් බවයි හෙරල්ඩ් සන් පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

එහෙත් එය සියයට දහයක ප්‍රමාණයක් බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

පසුගිය වසරේදී සර්ෆ්  ලයිෆ් සේවින්ග් හි අය වැය හිඟය ඩොලර් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මේ වසරේදී අර්බුද රැසක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »