පාස්කු ඉරිදා ප්‍රහාරයට සහයෝගය දුන් බවට​ ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුට අමෙරිකා අධිකරණයකින් චෝදනා!

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහයෝගය දුන් බවට​ ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුට අමෙරිකා අධිකරණයකින් චෝදනා!

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ISIS සංවිධානයේ ආධාරකරුවන් වීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුට අමෙරිකාවේ අධිකරණයක් හමුවේ චෝදනා ගොනුකර තිබෙනවා.

මොහොමඞ් නවුෆර්,මොහොමඞ් අන්වර් මොහොමඞ් රිස්කාන් සහ අහමඞ් මිල්හාන් හයාදු මොහොමඩ් යන 03 දෙනාට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇත්තේ ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණය හමුවේයි.

ISIS මතවාදය ප්‍රචලිත කිරීම, පුහුණු සැපයීම, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ට චෝදනා පවතින බව සඳහන් වේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය 268 දෙනා අතර අමෙරිකානුවන් 05 දෙනෙකුද වුණා.

එයද චෝදනා ගොනූකිරීමේදී අවධානයට යොමුකළ කරුණක් බවයි වාර්තා වන්නේ.

 

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »