වික්ටෝරියානු රජය ග්‍රේටර් බ්‍රිස්බේන් ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සිය දේශ සීමාව වසා දමයි.

වික්ටෝරියානු රජය ග්‍රේටර් බ්‍රිස්බේන් ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සිය දේශ සීමාව වසා දමයි.

ග්‍රේටර් බ්‍රිස්බේන් හි පවතින කොරෝනා අවදානම ගැන සලකා බලා වික්ටෝරියානු රජය එහි සිට පැමිණෙන සංචාරකයින් සඳහා තම දේශ සීමා වසා දමා ඇත​.

ජනවාරි 2 වන දින හෝ ඊට පසුව එහි සිටි ඕනෑම කෙනෙකුට විශේෂ අවසරයක් නොමැතිව​ වික්ටෝරියා ප්‍රාන්තය​ට ඇතුළු විය නොහැක.

ග්‍රේටර් බ්‍රිස්බේන් හි අවදානම් කලාප (Red Zone) ලෙස  බ්‍රිස්බේන්, රෙඩ්ලන්ඩ්, ඉප්ස්විච්, මොරේටන් බේ සහ ලෝගන් යන​ නගර සභා හඳුන්වා දී තිබේ.

මේ වන විටත් එම ප්‍රදේශවලින් වික්ටෝරියා ප්‍රාන්තය​ වෙත පැමිණ ඇති පුද්ගලයින් කොරෝනා පරීක්ෂාවට ලක් කර අවම වශයෙන් සඳුදා(11/1) සවස 6:00 වන තෙක් හුදෙකලා විය යුතුය.

ක්වීන්ස්ලන්තය වෙත නිවාඩුව ගත කිරීමට සැලසුම් කරන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙස ප්‍රාන්ත රජය වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලා තිබේ.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »