ශ්‍රී ලංකාවට​ දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් !

ශ්‍රී ලංකාවට​ දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් !

ශ්‍රී ලංකාවට​ ඇමරිකානු ඩොලර් මිලියන 500ක (රුපියල් කෝටි 9500ක) ණය මුදලක් දකුණු කොරියාවෙන් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී ඇත.

2020 සහ 2022 කාල සීමාව ඇතුළත හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර කාර්ය රාමු එකඟතාවකට 2017 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර 2019 වර්ෂයේදී එම එකඟතාව අවසන් වී ඇත. එම එකඟතාව යාවත්කාලීන කරමින් හඳුනාගත් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය මුදල ලබාදීමට කොරියානු ජනරජය එකඟතාව පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

(අරුණ පුවත්පත)

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »