Day: January 7, 2021

සති කිහිපයකින් ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කළ හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

සති කිහිපයකින් ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කළ හැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. මෙම එන්නත ලබා දීමේ සැලසුම පෙබරවාරි මැද භාගය දක්වා ඉදිරියට​ ගෙන ආ බව ඔහු අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය​. එන්නත ලබා දීම සඳහා මුලින්ම චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය සහ සැපයුම්කරුවන් විසින් එන්නත ලබා දීම අවශ්‍ය වේ. මොරිසන් පැවසුවේ එන්නත ලබා දීමේ සැලසුම අදියර පහකින් සිදුවන බවයි. සෑම සතියකම 80,000 කට පමණ පිරිසකට මෙම එන්නත ලැබෙනු ඇත. මාර්තු

Read More »

ශ්‍රී ලංකාවේ 2021 වසර සඳහා ගාස්තු අයකිරීමකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් නිකුත්කෙරේ.

ශ්‍රී ලංකාවේ 2021 වසර සඳහා ගාස්තු අයකිරීමකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් නිකුත්කෙරේ. මේ වසරේ 2021.01.01 අති විශේෂ ගැසට් පත්‍ර අංක 2208/35 අනුව සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබෙනවා. මේ අනුව සුරාබදු බලපත්‍ර වර්ග 05ක් සඳහා 2021 වර්ෂයේ ගාස්තු අයකිරීමකින් තොරව බල පත්‍ර නිකුත් කරන ලෙස දන්වා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට​ දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් !

ශ්‍රී ලංකාවට​ දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ! ශ්‍රී ලංකාවට​ ඇමරිකානු ඩොලර් මිලියන 500ක (රුපියල් කෝටි 9500ක) ණය මුදලක් දකුණු කොරියාවෙන් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී ඇත. 2020 සහ 2022 කාල සීමාව ඇතුළත හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය. කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර කාර්ය රාමු එකඟතාවකට 2017 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර 2019 වර්ෂයේදී එම එකඟතාව අවසන් වී ඇත. එම එකඟතාව යාවත්කාලීන කරමින් හඳුනාගත්

Read More »